2023 අයි.අයි.පී.එල් අවසන් මහා තරගයේ චෙන්නායි සුපර් කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 214ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශායි සුදර්ශන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 96ක්.
ආරම්භ පිතිකරු වීර්දීමන් සහා ලකුණු 54ක් රැස් කරමින් ගුජරාට් ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේ දී දීපක් චාහර් සහ රවීන්ද්‍ර ජඩේජා එක් කඩුල්ල බැගින් බිද දැමුවා.
චෙන්නායි පිළට හිසරදයක්ව සිටි ශායි සුදර්ශන් දවාගන්නට මතීෂ පතිරණට හැකියාව ලැබුණා.
ඒ, අනුව අවසන් මහා තරගය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.













