IOC ඉන්ධන මිලත් පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟ ලංකා අයි.ඕ.සී. සමාගම ද සිය ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ.

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් වෙළඳපොලට නිකුත් කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40.00කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00කි අඩුකර තිබෙනවා.

මෙම නව මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් සහ එම සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415ක් වනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී. සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සහ ඔටෝ ඩීසල් මිල එකම අගයක් ගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?