Interpol රතු ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 7ක්

ජාත්‍යන්තර පොලිසියේ (Interpol) රතු නිවේදන ලැයිස්තුව යටතේ පළා ගිය පුද්ගලයන් බවට ලැයිස්තුගත කර ඇති 6,872 දෙනෙකු අතරට ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකුගේ ද නම් ද ඇතුළත්ව තිබෙනවා.

ඉන්ටර් පෝල් වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම හත් දෙනා අතරින් සිව්දෙනකු ශ්‍රී ලංකාවට අවශ්‍යකර සිටින පුද්ගලයන් වශයෙන් ලැයිස්තුගත කර ඇති බවයි. පළාගිය අනෙක් සැකකරුවන් තිදෙනාට ඔවුන්ගේ ප්‍රදේශය තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත රතු නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රතු නිවේදන ලැයිස්තුවේ නම් සඳහන් පිරිස අතරින් (38) හැවිරිදි ද සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී, නඩරාජා සිවරාජා (49), මුනිසාමි තර්මසීලන් (50) සහ වික්නරාසා සෙල්වන්තන් (35) යන පුද්ගලයන් ශ්‍රී ලංකාවේ නීතිමය කටයුතුවලට අවශ්‍ය සිටින පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

පුද්ගල ඝාතන නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය බව සිටින අතර සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙනුයි චෝදනා එල්ලවී ඇත්තේ.

සෙසු නම් සදහන් ශ්‍රී ලාංකිකයන් තිදෙනා අතර වවුනියාවේ කුමාරසාමි නවනීතා (52) නමැති පුද්ගලයෙක් වනවා. ඔහු ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවට අවශ්‍ය කරන අයෙක් බව සඳහන්.

එමෙන්ම ඇලබොඩගම පදිංචි මොහොමඩ් පව්මි (61) ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්දියාවට ද, යාපනයේ මානික්කවාසගර් විජයරාජා (41) කැනඩාවට ද අවශ්‍ය කරන පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් වෙඩි අඩවියේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40