AFC Banner
AFC Banner
Empty Ad

IMF වැඩසටහන රට තුළ ව්‍යාපාර කිරීමට විශ්වසනීය පරිසරයක් ඇති කරනවා – ශෙහාන් සේමසිංහ

ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ඇති වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ තුළින් ඊට පසුබිම නිර්මාණය වෙමින් පවතින බවයි.

මෙරට ආර්ථික වර්ධනය උදෙසා ආහාරපාන කර්මාන්තයේ දායකවත්වය මැයෙන් කොළඹ වාණිජ මණ්ඩලය සංවිධානය කළ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහි දී කර්මාන්තරුවන් පවතින ආර්ථික අර්බුදය හමුවේ තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සිය අදහස් පළකර සිටියා.

ශ්‍රී ලංකාව තව දුරටත් පසුවන්නේ අර්බුදයෙන් නැගී සිටීමේ මූලික අවස්ථාවේ බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා දී ඇති නිර්දේශයන් යනු දශක ගණනාවක් රටට අවශ්‍යව තිබූ ප්‍රතිසංස්කරණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එමගින් ශ්‍රී ලංකාව යළිත් පැවැති ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන තත්ත්වයට පත් වනු ඇති බවයි.

විශේෂයෙන් ම දුෂණය අවම කිරීම, බදු ජාලය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය සිදුකිරීම මගින් ව්‍යාපාර සඳහා විශ්වාසය ඉහළ නැංවීමක් බව ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?