IMF යෝජනා ගැන විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද එක්ව සිටි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා අදාළ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයටත්, පාර්ලිමේන්තුවටත් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙම යෝජනා පිළිබඳ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට ආරාධනා කරන බව ද පැවසූවා.

එම සාකච්ඡා සඳහා සහභාගි වීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙලක් වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද සඳහන් කළා.

ද්විපාර්ශ්වික ණය හිමියන්, වාණිජ ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා පිළිබඳ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙහිදී පුළුල් පැහැදිලි කිරිමක් සිදු කළ අතර මෙම වසරේ ජූනි මාසය අවසන් වන විට මෙම සාකච්ඡා මාලාව අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලන විනිශ්චය සම්බන්ධයෙන් වන වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා පුළුල් ව්‍යුහාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27