විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදුකරන පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය සාකච්ඡා පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ආර්ථික ප්‍රතිපත්තිවලට අමතර මෙම සංචාරය අතරතුර මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 09 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













