AFC Banner
Empty Ad

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙරට වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එම නියෝජිතයින්ගේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

අදාළ සංචාරය තුළ ඔවුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට රජය බලාපොරොත්තු වන බව පසුගියදා වාර්තා පළ වුණි.

මේ අතර ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතිය තුළ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

එහිදී ඊට අදාළ ගිවිසුම් අත්සන් කෙරෙනු ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?