IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙරට වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එම නියෝජිතයින්ගේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

අදාළ සංචාරය තුළ ඔවුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට රජය බලාපොරොත්තු වන බව පසුගියදා වාර්තා පළ වුණි.

මේ අතර ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතිය තුළ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

එහිදී ඊට අදාළ ගිවිසුම් අත්සන් කෙරෙනු ඇති බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40