IMF ණය ගන්න ශ්‍රී ලංකාවට සහාය දෙන්න පැරිස් සමාජය සූදානමින්

ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික සැපයීමට පැරිස් සමාජය සූදානම් බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

පැරිස් සමාජය විසින් ඉක්මනින් ඒ බව දැනුම් දෙනු ඇති බවයි අදාළ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම චීනයද මේවනවිට ශ්‍රී ලංකාවට සහය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අයි එම් එෆ් ණය සහනය ලබා ගැනීමේදී මෙරට ප්‍රධාන විදේශීය ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය විමසීම සිදුකරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබාගැනීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක්. ඒ අනුවයි ඉන්දියාව සහ චීනය ලංකාවට සහය ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර ඔහු පැවසුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාව පූර්ණ සහය ලබාදෙන බවයි.

ඉන්දියාව කල් නොමරා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදුන් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?