IMF ණය ගන්න ශ්‍රී ලංකාවට සහාය දෙන්න පැරිස් සමාජය සූදානමින්

ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික සැපයීමට පැරිස් සමාජය සූදානම් බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

පැරිස් සමාජය විසින් ඉක්මනින් ඒ බව දැනුම් දෙනු ඇති බවයි අදාළ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම චීනයද මේවනවිට ශ්‍රී ලංකාවට සහය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අයි එම් එෆ් ණය සහනය ලබා ගැනීමේදී මෙරට ප්‍රධාන විදේශීය ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය විමසීම සිදුකරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබාගැනීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක්. ඒ අනුවයි ඉන්දියාව සහ චීනය ලංකාවට සහය ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර ඔහු පැවසුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාව පූර්ණ සහය ලබාදෙන බවයි.

ඉන්දියාව කල් නොමරා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදුන් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22