IMF කොන්දේසි දමයි,ණය දෙන්න කලින් කරන්න ඕනේ දේවල් මතක් කරයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට නම් ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය බව එහි නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දීර්ඝ කාලීන බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත්, ඒවා උද්ධමනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ නොවිය යුතු බව මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දී තිබෙනවා.එමගින් දිලිඳු සහ පීඩාවට පත්වූවන් ආරක්ෂා කර ගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

සාකච්ඡාවලින් අනතුරුව අදහස් දක්වමින් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

“ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඉහළ උද්ධමනය මෙන් ම එය ඉහළ යන අතර ම, 2022 දී ආර්ථිකය සැලකිය යුතු ලෙස කඩාවැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වෙලා. අප කළ සංචාරයේදී සංචාරයේදී, ශ්‍රී ලාංකික ජනතාව, විශේෂයෙන් අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත් දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් මුහුණ දෙන දුෂ්කරතා කිහිපයක් කණ්ඩායමට දැකගත හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00