IMF ඒකඟතාව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් තවත් පියවරක් ඔසවා තැබීමක් – ශෙහාන් සේමසිංහ

මෙරට ආර්ථික පිළිබඳ ඉදිරිපත්ව ඇති ඇතැම් සමීක්ෂණ වාර්තා, සහ විද්වත් මතයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල ඒකඟතාව පළ කිරීම මගින් නිසි පිළිතුරු ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පළමු සමාලෝචනයෙන් අනතුරුව කාර්ය මණ්ඩල එකඟතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යම් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර, යම් කාලයක් ද ඒ් සඳහා ගත වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එහෙත් මෙවර සමාලෝචනය අවසන් කිරීමේදී ම ඊට කාර්ය මණ්ඩලය එකඟතාව පළ වීම ශ්‍රී ලංකාව ක්‍රමනාකූලව ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරන බවට ලබා දුන් සහතිකයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලින් ඉටු කර ඇත්තේ 33%ක් පමණක් බව එක් පාර්ශ්වයකින් ප්‍රකාශ වෙද්දී ආණ්ඩුවේ ජනප්‍රියත්වය 7%ක් බව තවත් පාර්ශ්වයකින් ප්‍රකාශ කෙරුණා.

ඩොලරයේ වටිනාකම රුපියල් 455ක් ඉක්මවනු ඇතැයි විද්වත් මත පළ වූ අතර, උද්ධමනය 25% – 30%කට වඩා අඩු මට්ටමකය ළග නොවනු ඇතැයි ද අදහස් පළ වුණා.

කෙසේ වෙතත් එම සමීක්ෂණ සහ විද්වත් මත යළි යළිත් අභියෝගයට ලක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කාර්ය මණ්ඩල එකගතාව ප්‍රකාශයට පත් කිරීම රටේ දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ කැපකිරීම්වල ප්‍රතිඵලයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව ලෝකය සමඟ එක්ක ලෝකයේ පිළිගත් ආර්ථික ක්‍රමවේදයක් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ස්ථාවරයත්වය කරා රැගෙන යමින් සිටින මොහොතේ විපක්ෂය පමණක් තව දුරටත් දේශපාලන වේදියාකාවේ වීරයන් වීමේ අරමුණෙන් ජනප්‍රිය සටන් පාඨ කරපින්නාගෙන සිටින බව අමාත්‍ය සේමසිංහ සඳහන් කළේ.

දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළට විකල්ප සෙවීම හෝ එය ආපස්සට හැරවීම කිසිසේත්ම කළ නොහැකි බව සඳහන් කරන අමාත්‍යවරයා ඒ් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය ද විපක්ෂයට නොමැති බව අවධාරණය කර සිටියා.

දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවට ද්වීපාර්ශ්වික ණය සහ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට යාමට හැකි බවයි ඔහු පේනවා දෙන්නේ.

මෙම තීරණයත් සමඟ විශේෂයෙන් ම නිල ණය හිමියන්ගේ කමිටුව, චීනය සහ පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මීළඟ අදියරයට ගමන් කිරීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27