ICC 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම නම්කරයි – විරාන් චමුදිතත් කණ්ඩායමට

නිමාවට පත් වූ වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව අයි.සී.සී 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම මේ වනවිට නම්කර තිබෙනවා.

මෙම කණ්ඩායමට, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩයමේ විරාන් චමුදිත නම්කර තිබෙනවා.

විරාන් චමුදිත අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක්කර ඇත්තේ ආරම්භක පිතිකරුවෙක් ලෙසයි.

මෙම කණ්ඩායමේ අනෙකුත් ආරම්හක පිතිකරුවා ලෙස නම්කර ඇත්තේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත් වූ ඉන්දීය 19න් පහළ ක්‍රීඩක වෛභව් සූර්යවංශි වීම විශේෂත්වයක්.

අයි.සී.සී විසින් නම් කළ මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙක්, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක් නම්කර තිබෙනවා.

ඊට අමතරව ශ්රිඔ ලංකාව, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් එක් ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායමට ඇතුළත්.

අයි.සී.සී 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම පහතින්.

වෛභව් සූර්යවංශි (ඉන්දියාව), විරාන් චමුදිත (ශ්‍රී ලංකාව), ෆයිසාල් ඛාන් ෂිනෝසාඩා (ඇෆ්ගනිස්ථානය), තෝමස් රේව් (එංගලන්තය), ඔලිවර් පීක් (ඕස්ට්‍රේලියාව), බෙන් මේස් (එංගලන්තය), කනිෂ්ක් චෞහාන් (ඉන්දියාව), නූරිස්තානි ඔමාර්සායි (ඇෆ්ගනිස්ථානය), විටෙල් ලෝස් (බටහිර ඉන්දීය කොදෙව්), අලි රාසා (පකිස්ථානය), මැනී ලම්ස්ඩන් (එංගලන්තය), හෙනිල් පටෙල් (ඉන්දියාව)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?