AFC Banner
Empty Ad
Empty Ad

ICC සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානයට ලංකාවෙන් නම් දෙකක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය මඟින් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩකයන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ වී තිබෙනවා.

දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනාට අමතරව ඕස්ට්‍රේලියානු ආරම්භක පිත්කරු ට්‍රැවිස් හෙඩ් ද මෙවර එම සම්මානය සඳහා අයි.සී.සීය විසින් නිර්දේශ කර තිබෙනවා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ දී නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මතයි ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් මෙවර එම සම්මානය සඳහා නිර්දේශ වී ඇත්තේ.

එමෙන්ම එංගලන්තය සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරගාවලියේ දී දැක්වූ දක්ෂතා ට්‍රැවිස් හෙඩ්ට මෙම සම්මානය සඳහා නිර්දේශ වීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?