ICC යේ ළාබාලතම සභාපති නිතරගයෙන් පත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නිතරගයෙන් ජේ. ෂා තේරී පත් ව තිබෙනවා.

Greg Barclay වෙනුවටයි ජේ.ෂා මෙම තනතුරට අද (27) තේරී පත් ව ඇත්තේ.

ඔහු සිය නව ධුරයේ වැඩ කටයුතු දෙසැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩයේ (BCCI) ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

ජේ. ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති බවට පත් වූ ළාබාලතම පුද්ගලයා ද වනවා.

මේ වනවිට 35 හැවිරිදි වියෙහි පසුවන ජේ. ෂා 2020 වසරේ සිට වාර දෙකක් ICC සභාපතිවරයා ලෙස කටයුතු කළ Barclay වෙනුවටයි පත් ව ඇත්තේ.

Barclay ඉල්ලුම් කර තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තෙවැනි වාරය සඳහා යි.

නමුත් හෙතෙම මෙවර යළිත් සභාපති ධුරයට තරග නොකරන බවට දැනුම්දී තිබෙනවා.

ඉන් පසුවයි ජේ. ෂා හට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

ICC සභාපතිවරයා සඳහා නාමයෝජනා ගොනු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අගෝස්තු 27 දක්වා කාලය තිබූ අතර එක් අපේක්ෂකයෙකුට වඩා නම් කළහොත් පමණක් මැතිවරණයක් පැවතිය හැකි නමුත් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීම මත ජේ. ෂා හට මෙම අවස්ථාව උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නම් කිරීම ගැන තමන් නිහතමානීව සතුටු වන බවත්; ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ගෝලීයකරණය කිරීම සඳහා ICC කණ්ඩායම සහ අපගේ සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් ඇපකැප වන බව ද ජේ. ෂා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
2
+1
0
+1
2
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?