ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා AI තාක්ෂණය යොදා ගැනේ

ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් මෙවලමක් නිර්මාණය කර තිබෙනවා.

මෙම මෙවලම යොදා ගැනීමේ අරමුණ වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ ක්‍රීඩාවට අදාළ ව සිදුවන ස්ත්‍රී ද්‍රෝහිකම, හිරිහැර කිරීම සහ වෛරී ප්‍රකාශන අවම කරමින් ක්‍රීඩිකාවන්ගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීම බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය තුළ සැරිසරන විෂ සහිත ගණයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් එල්ල වන බලපෑමෙන් ක්‍රීඩිකාවන් ආරක්ෂණය මෙම වැඩසටහනේ අරමුණක් ලෙසත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටිනවා.

ICC විසින් කාන්තා T20 ලෝක කුසලානය සඳහා සමාජ මාධ්‍ය මධ්‍යස්ථ වැඩසටහනක කොටසක් ලෙස ක්‍රිකට් ප්‍රජාව “විෂ සහිත අන්තර්ගතයෙන්” පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ “වඩා ආරක්ෂිත, කාරුණික සහ සෞඛ්‍ය සම්පන්න සබැඳි ප්‍රජාවක් සහතික කිරීම සඳහා අද (03) පෙරවරුවේ නව මෘදුකාංගයක් තෝරාගත් ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් දියත් කිරීමට කටයුතු කෙරුණා.

T20 ලෝක කුසලානයේ ආරම්භක දිනය වන අද උදෑසන ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වැඩසටහන “කණ්ඩායම් සහ ක්‍රීඩකයින් සඳහා වඩාත් ධනාත්මක සහ අත්දැකීමක් ප්‍රවර්ධනය කිරීමක් ලෙස විශ්වාස කරන අතර දැනටමත් ක්‍රීඩිකාවන් 60කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා තෝරාගෙන ඇති බවයි.

ICC විසින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් හි ICC හි සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව මෙන්ම ක්‍රීඩකයින්ගේ අදහස් නිරීක්ෂණය කිරීම සහ මධ්‍යස්ථ කිරීම සඳහා AI (කෘත්‍රීම බුද්ධිය) සහ මානව සම්පත් සංයෝගයක් සැපයීමට බ්‍රිතාන්‍යයේ GoBubble නම් මෘදුකාංග සමාගමක් මීට සම්බන්ධ කරගෙන තිබෙනවා.

ඒ සඳහා අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ලෝක කුසලානයට එක් ව සිටින ක්‍රීඩිකාවන් ද එක් වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?