ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා AI තාක්ෂණය යොදා ගැනේ

ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් මෙවලමක් නිර්මාණය කර තිබෙනවා.

මෙම මෙවලම යොදා ගැනීමේ අරමුණ වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ ක්‍රීඩාවට අදාළ ව සිදුවන ස්ත්‍රී ද්‍රෝහිකම, හිරිහැර කිරීම සහ වෛරී ප්‍රකාශන අවම කරමින් ක්‍රීඩිකාවන්ගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීම බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය තුළ සැරිසරන විෂ සහිත ගණයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් එල්ල වන බලපෑමෙන් ක්‍රීඩිකාවන් ආරක්ෂණය මෙම වැඩසටහනේ අරමුණක් ලෙසත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටිනවා.

ICC විසින් කාන්තා T20 ලෝක කුසලානය සඳහා සමාජ මාධ්‍ය මධ්‍යස්ථ වැඩසටහනක කොටසක් ලෙස ක්‍රිකට් ප්‍රජාව “විෂ සහිත අන්තර්ගතයෙන්” පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ “වඩා ආරක්ෂිත, කාරුණික සහ සෞඛ්‍ය සම්පන්න සබැඳි ප්‍රජාවක් සහතික කිරීම සඳහා අද (03) පෙරවරුවේ නව මෘදුකාංගයක් තෝරාගත් ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් දියත් කිරීමට කටයුතු කෙරුණා.

T20 ලෝක කුසලානයේ ආරම්භක දිනය වන අද උදෑසන ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වැඩසටහන “කණ්ඩායම් සහ ක්‍රීඩකයින් සඳහා වඩාත් ධනාත්මක සහ අත්දැකීමක් ප්‍රවර්ධනය කිරීමක් ලෙස විශ්වාස කරන අතර දැනටමත් ක්‍රීඩිකාවන් 60කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා තෝරාගෙන ඇති බවයි.

ICC විසින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් හි ICC හි සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව මෙන්ම ක්‍රීඩකයින්ගේ අදහස් නිරීක්ෂණය කිරීම සහ මධ්‍යස්ථ කිරීම සඳහා AI (කෘත්‍රීම බුද්ධිය) සහ මානව සම්පත් සංයෝගයක් සැපයීමට බ්‍රිතාන්‍යයේ GoBubble නම් මෘදුකාංග සමාගමක් මීට සම්බන්ධ කරගෙන තිබෙනවා.

ඒ සඳහා අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ලෝක කුසලානයට එක් ව සිටින ක්‍රීඩිකාවන් ද එක් වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14