ICC ත්‍යාග මුදල් ගැන විශේෂ තීරණයක්

අයි.සී.සී. ඉසව්වලින් ජයග්‍රහණය කරනු ලබන පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා ඉදිරියේ දී සමාන ත්‍යාග මුදල් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති අයි.සී.සී. වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“මෙය අපගේ ක්‍රීඩා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක්,අයි.සී.සී. ගෝලීය ඉසව් සඳහා තරඟ කරන පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලට දැන් එක හා සමානව ත්‍යාග පිරිනැමීම ගැන අපි සතුටු වෙනවා. 2017 වසරේ සිට අපි සෑම වසරකම කාන්තා ඉසව්වල ත්‍යාග මුදල වැඩි කර ඇත්තේ සමාන ත්‍යාග මුදල් කරා ළඟාවීම කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින්. මෙතැන් සිට, අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේදී, අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමාන ත්‍යාග මුදලක් ලබාදෙන අතර, විස්සයි 20 ලෝක කුසලාන සහ 19 න් පහළ සඳහා ද එවැනි සමාන මුදල් ත්‍යාග ලබා දෙනවා.” යනුවෙන් අයි.සී.සී. සභාපතිවරයා සඳහන් කර සිටියා.

මෙම වසර මුල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවූ අතර, අනුශූරතාව හිමිකර ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් ලක්ෂ පහක් හිමි වුණා.

කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක් හිමි වූ අතර, අනුශූරතාව දිනාගත් පාකිස්තානයට ඩොලර් ලක්ෂ අටක ත්‍යාග මුදලක් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07