AFC Banner
AFC Banner
Empty Ad

ICCයට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

කි‍්‍රකට් දුෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා පවසනවා. සිය නිර්දෝශීභාවය ඔප්පු වන තෙක් තමන් මෙම සටන අත්නොහිරින බවයි මාධ්‍ය හමුවක් කැදවමින් නුවන් සොයිසා ප‍්‍රකාශ කළේ.

මීට වසර දෙකකට පමණ පෙර අයි සී සී දුෂණ විරෝධී සංග‍්‍රහය යටතේ නුවන් සොයිසාට චෝදනා එල්ල වුණා. ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී 10 තරඟාවලිය සම්බන්ධයෙන්. නුවන් සොයිසා එම තරගාවලියේදී ”ටීම් ශ‍්‍රී ලංකා” කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කළා. එම තරගාවලියේ සිදු වූ බව කියන යම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකය සොයිසා වෙත එල්ලවී තිබුණා. මේ වනවිට නුවන් සොයිසාට එරෙහිව තාවකාලික තහනමක් පනවා ඇති අතර ඔහුට එරෙහි දඬුවම් අයි සී සී ය විසින් ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?