‘Hong Kong Sixes’ ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගය හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වුණා.
ශ්‍රී ලංකාව එරෙහිව හොංකොං කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 4කින්.
අද ආරම්භ වූ ‘Hong Kong Sixes’ තරගාවලියේ පළමු තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 79ක් ලකුණු පුවරුවට එක් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හොංකොංක්‍රීඩකයින් ඉනිමේ පන්දුවාර 03යි පන්දු හතරක දී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී ලකුණු 80ක ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයගත්තා.
මෙහි ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය බංග්ලාදේශයට එරෙහිව අද දහවල් 12.10ට ආරම්භවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
3
+1
1
+1
2
+1
1
+1
2





