Hippo Spirit චීන පොහොර නැව මුහුද මැදදීම Seiyo Explorer වෙයි!

අහිතකර බැක්ටීරියා වර්ග අඩංගු බව තහවුරු වීමෙන් පසුව ආපසු හරවා යවන ලද Hippo Spirit චීන කාබනික පොහොර නෞකාව මේ වන විට Seiyo Explorer නමින් එහි නම වෙනස් කර ඇති බව ඉන්දීය වෙබ් මාධ්‍යයක් වූ WION (The World is One News) වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.

මෙම චීන පොහොර නැව පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගෙන Hippo Spirit නමින් සැප්තැම්බර් 22 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්ව තිබිණ.

ඉන්පසු නැව සිංගප්පූරුව බලා පිටත් වූ බව වාර්තා විය.

සජීවී AIS (automatic identification system) වාර්තා අනුව පෙන්වා තිබුණේ නෞකාව දින කිහිපයක් මලක්කා සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට නැංගුරම් ලා තිබූ බවයි.

AIS වාර්තා මඟින් Hippo Spirit නෞකාවේ මීළඟ ගමනාන්තය කොළඹ බව පෙන්වා දී තිබිණ.

Hippo Spirit සහ Seiyo Explorer හි එකම IMP (International Maritime Organization) අංකය ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එය IMO අංක 9135523 යි. IMP නැව් හඳුනාගැනීමේ අංකය යනු ඉලක්කම් හතක අංකයක් වන අතර කොඩි, හෝ අයිතිකරුවන්ගේ කිසිදු වෙනසක් නොතකා එය යාත්‍රාවක ජීවිත කාලය පුරාම නොවෙනස්ව පවතින අංකයකි.

Seiyo Explorer දැනටමත් ශ්‍රී ලංකා මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇති බව යාත්‍රා ලුහුබැඳීමේ දත්ත පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17