Google Map වලින් ශ්‍රී ලංකාවට අලුත් වැඩක්

ගූගල් සිතියම් (Google Map) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගවල (කිලෝමීටර් 12000) පිළිබඳ තොරතුරු විශේෂිත තත්ත්ව ඇඟවීම් 6ක් සමඟ යාවත්කාලීන කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමත්‍යවරයා සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ මඟින් සංචාර වඩා හොඳින් සැලසුම් කිරීමට, කාලය ඉතිරි කර ගැනීමට සහ අනපේක්ෂිත රථවාහන තදබදය වළක්වා ගැනීමට විශාල උපකාරයක් වනු ඇති බවයි

මංතීරු වසා දැමීම් (Lane Closures), ඉදිකිරීම් කටයුතු (Construction) ඇතුළු මාර්ගයේ ඇති විවිධ බාධක සහ තත්වයන් පිළිබඳව කල් තියා දැනුම් කිරීම මේ හරහා සිදුවන අතර දෙසැම්බර් 31 වැනිදා දක්වා නියමි ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?