GMOA වෙතින් රජයට රතු එළියක් (නිවේදනය)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ; සෞඛ්‍ය පද්ධතිය තුළ සහ ඉන් පරිබාහිර පාර්ශ්වයන්ගේ මැදිහත් වීමෙන් වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්‍යයට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පටු න්‍යායය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සාධනීය මැදිහත් වීම් නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

වෘත්තීය සමිති නායකයින්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ආයතන සංග්‍රහය තුළ අඩංගු නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉතිහාසය පුරාම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගැටලු සහ විෂමාචාර පිළිබඳව ජනතාව ඇතුළු පාර්ශ්ව දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසෙකලා වංචා, දූෂණ සහ වැරදි පිළිබඳ ව තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ ව ජනතාවට තොරතුරු හෙළි කරන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව පිළිගත නොහැකි ලෙස අසාධාරණය සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.

එබැවින් අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය ක්‍රියාමාර්ග ගැනීම නවත්තන්නේ නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරියේ දී මීට වඩා තීව්‍ර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ගැනීමට යොමු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

WhatsApp Image 2024 09 02 at 12.41.08 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30