AFC Banner
AFC Banner
Empty Ad

EPF/ETF පෙත්සම් සලකා බැලීම කල් යයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල දී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබා දී තිබෙන මුදල් කපා හැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 09 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 09 වනදා කැඳවන බවයි.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති මුදල්වලින් සියයට අනූ තුනක් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තැන්පත් කර ඇති මුදල් වලින් සියයට අසූ හයක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවයි.

එලෙස රජය විසින් සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගත් ණය කපා හැරීම තුළින් මිලියන විස්සකට අධික වැඩ කරන ජනතාවකට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින්ශී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී අදාළ අරමුදල් වලින් ලබාගත් ණය කප්පාදු කළහොත වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ක්‍රියාව වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර අන්තර් සමාගම් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?