DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින, හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමිට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (12) නියෝග කළා.

ඒ, අනුව එළඹෙන ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රජයේ රස පරීක්ෂකවරයා වෙත තම රුධිර සාම්පල ලබාදෙන ලෙස සැකකාර හිමිනමට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ නිට්ටඹුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් මගින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් .

පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේ අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 4 වන දින DNA පරීක්ෂණයක් සඳහා නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණු බවයි.

එම නඩු භාණ්ඩ වූයේ, අදාළ දැරිය විසින් වළ දමා සඟවා තිබියදී ගත්, රුධිරය තැවරී ඇතැයි සැක කෙරෙන ඇඳුම්ය.

එම නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් DNA පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහිදී දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් තහවුරු වී ඇති බව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළා.

රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වූ එම DNA ඇලීල සමඟ සැසඳීම සඳහා සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබාගැනීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ, අනුව දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමඟ සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපෙන්නේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා හිමිනමට රුධිර සාම්පල ලබාදෙන ලෙස නියෝග කරන මෙන් පොලිසිය අධිකරණයෙන් අයැද සිටියා.

මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුධිර සාම්පල ලබාදීමට නියෝග කළ අතර, ඉන් අනතුරුව සිදුකරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා.

බාල වයස්කාර දැරිය බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මීට පෙර බන්ධනාගාරගත කර සිටි අතර, පසුව උන්වහන්සේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40