හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර බ්රවුන් හීල්ස් ප්රදේශයේ ඉඩමක් සම්බන්ධව පවතින නඩුකරය අද (27) දින මාතර මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.
මෙහිදී සැකකාර හිටපු අමාත්යවරයා අද (27) දිනයේ ද අධිකරණය හමුවෙි පෙනී නොසිටි අතර, එහිදි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු අමාත්යවරයාට ගුවන් ගමන් යාමට නොහැකි බවත් එ වෙනුවෙන් නීතිඥ මඩුල්ලට පෙනී සිටීමට අවසර ඉල්ලා ඇති බවයි.
එහිදී එම ඉල්ලීම අධිකරණය මගින් නිෂ්ප්රභා කර ඇති අතර, ඒ අනුව සැකකාර හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක මහතා නියෝග කරනු ලැබුවා.
