පුංචි පුතුට කිරිවලට වස එක්කර පොවා දිඹුලාගල මවක් දිවිනසාගත් අයුරු..!

සැමියාගේ අධික බීමත්කම නතර කිරීමට උත්සාහ කිරීමේදී තමාට හා තම පුතුට නැන්දම්මාගෙන් සිදුවන අපහාස කිරීම් හා තාඩන පීඩන ඉවසා ගත නොහැකිව ඇති වූ සිත් වේදනාවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි දමා වස පොවා මවද වස බී සියදිවි හානි කරගත් ශෝකජනක පුවතක් දිඹුලාගල නුවරගල කොට්ඨාසයේ පිහිටිවැව ගම්මානයෙන් වාර්තාවෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිහිටිවැව පදිංචි සත්‍යමේල් නලනී (28) හා පළමු වසරේ ඉගෙනුම ලබන වයි.කේ. සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකුයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ පොළොන්නරුව මහෙස්ත‍්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?