DIG නාලක සිල්වා සම්බන්ධ සියලු පරීක්ෂණ මාස 03 කින් අවසන් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත් අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කරනු ලැබුවා.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (19) සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක් කොට ඉන් පසුව අනිවාර්ය අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණු බවයි.

ඔහුට එරෙහිව තවදුරටත් පරීක්ෂණ කටයුතු කීපයක් සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් ඔහුට උසස්වීම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ද සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවයි.

ඒ, අනුව පෙත්සම්කරුට අදාළ සියලු පරීක්ෂණ මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළ අතර අදාළ පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 28 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?