CSK කණ්ඩායම දෝනිගේ කැමැත්ත එනතුරු විමසිල්ලෙන්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම (CSK) හිටපු ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා.

තවමත් සමස්ත ක්‍රීඩාවෙන් ම විශ්‍රාම නොගිය ක්‍රීඩකයෙකු ලෙසට CSK කණ්ඩායමේ කළමනාකාරීත්වය මහේන්ද්‍ර සිං දෝනිව සලකන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

දෝනිව මිල දී ගැනීම වෙනුවෙන් සිය කණ්ඩායම සූදානමින් සිටින බව ද CSK ඉහළ කළමනාකාරීත්වය පවසනවා.

නමුත් මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන ඉන්දියන් ප්‍රීමියර් ලීගය වෙනුවෙන් ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැහැ.

එබැවින් චෙන්නායි සුපර් කිංග්ස් (CSK) ප්‍රධාන විධායක නිලධාරී කාසි විශ්වනාදන් පවසන පරිදි, දෝනිගේ තීරණය තම කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මහේන්ද්‍ර සිං දෝනිගේ තීන්දුව එළඹෙන 31 වැනිදාට පෙර තහවුරු කරනු ඇතැයි CSK කණ්ඩායමේ කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔවුන් පවසන්නේ මෙවැන්නක්;

“ඔහුගෙන් අපට තවමත් තහවුරු කිරීමක් නැහැ. නමුත් ඔහු දිගටම අප වෙනුවෙන් ක්‍රීඩා කරනවාට අපි කැමතියි..” යනුවෙන්.

මහෙන්ද්‍ර සිං දෝනි අවසන් වරට 2019 වර්ෂයේ දී එක්දින ලෝක කුසලානය ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ අතර 2020 අගෝස්තු මාසයේදී ඔහුගේ විශ්‍රාම ගැනීම නිවේදනය කළා.

දෝනි IPL හැර වෙනත් කිසිම ආකාරයේ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ආකෘතියක මේ වනවිට නිරත වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02