Empty Ad
AFC Banner
Empty Ad

CSK කණ්ඩායම දෝනිගේ කැමැත්ත එනතුරු විමසිල්ලෙන්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම (CSK) හිටපු ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා.

තවමත් සමස්ත ක්‍රීඩාවෙන් ම විශ්‍රාම නොගිය ක්‍රීඩකයෙකු ලෙසට CSK කණ්ඩායමේ කළමනාකාරීත්වය මහේන්ද්‍ර සිං දෝනිව සලකන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

දෝනිව මිල දී ගැනීම වෙනුවෙන් සිය කණ්ඩායම සූදානමින් සිටින බව ද CSK ඉහළ කළමනාකාරීත්වය පවසනවා.

නමුත් මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන ඉන්දියන් ප්‍රීමියර් ලීගය වෙනුවෙන් ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැහැ.

එබැවින් චෙන්නායි සුපර් කිංග්ස් (CSK) ප්‍රධාන විධායක නිලධාරී කාසි විශ්වනාදන් පවසන පරිදි, දෝනිගේ තීරණය තම කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මහේන්ද්‍ර සිං දෝනිගේ තීන්දුව එළඹෙන 31 වැනිදාට පෙර තහවුරු කරනු ඇතැයි CSK කණ්ඩායමේ කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔවුන් පවසන්නේ මෙවැන්නක්;

“ඔහුගෙන් අපට තවමත් තහවුරු කිරීමක් නැහැ. නමුත් ඔහු දිගටම අප වෙනුවෙන් ක්‍රීඩා කරනවාට අපි කැමතියි..” යනුවෙන්.

මහෙන්ද්‍ර සිං දෝනි අවසන් වරට 2019 වර්ෂයේ දී එක්දින ලෝක කුසලානය ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ අතර 2020 අගෝස්තු මාසයේදී ඔහුගේ විශ්‍රාම ගැනීම නිවේදනය කළා.

දෝනි IPL හැර වෙනත් කිසිම ආකාරයේ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ආකෘතියක මේ වනවිට නිරත වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?