Empty Ad
AFC Banner
Empty Ad

“Clean Sri Lanka” වැඩසටහනට කැබිනට්ටුවෙන් අනුමැතිය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සමාජයීය, අධ්‍යාත්මික මෙන්ම පාරිසරික වශයෙන් ද සැලකිය යුතු පසුබෑමකට ලක්වීම සැලකිල්ලට ගෙන මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමණය තහවුරු කිරීම තුළින් ජාතික අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සිදු කරනු ලබන ජාතික මෙහෙයුමක් ලෙස “Clean Sri Lanka” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කෙරුණා.

“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන නව රජයේ දැක්ම අනුව මෙහෙයවනු ලබන මෙම පරිවර්තනීය මුල පිරීම සාමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට‍ත්, ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමටත්, වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම පිණිස පාලක මණ්ඩලයක් මගින් පාලනය කරනු ලබන “Clean Sri Lanka අරමුදල” නමින් අරමුදලක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>