AFC Banner
AFC Banner
Empty Ad

Update :- CID ගෙදරට එද්දී සුජීව V8 එකත් අරං ගෙදරින් ගිහින් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් යැයි පැවසෙන කළු පැහැති V8 වර්ගයේ අධි සුඛෝපභෝගී ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගැනීමට යාමේ දී හිටපු මන්ත්‍රීවරයා විසින් අදාළ ජීප් රථය ද රැගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හිටපු මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි කොල්ලුපිටියේ ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණීමට පෙර සුජීව සේනසිංහ මහතා තම රථය ද රැගෙන පිටව ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

මේ හේතුවෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ආපසු පැමිණ තිබෙනවා.

හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සන්තකයේ පවතින ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේ අද (11) පෙරවරුවේදියි.

ඒ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල වාර්තා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විටදී බවයි වාර්තා වන්නේ.

එම රථය සුජීව සේනසිංහ භාරයේ තිබීමෙන් එය මාර්ගයේ පදවා කිසිවෙකු අනතුරට ලක් කිරීමේ හැකියාව හෝ අස්ථානගත වීමේ හැකියාවක් ඇති බැවින් එය අධිකරණ භාරයට ගන්නා ලෙස ඉල්ලීමක් සිදු කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළ අතර ඊට පිළිතුරු වශයෙනුයි සී අයි ඩී ය අද පස්වරුවේ සුජීව මහතාගේ නිවසට පැමිණ ඇත්තේ.

පසුගිය දිනෙක හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් ටොයොටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ඒ මහතාගේ නිවස පරීක්ෂා කිරීමට ද කටයුතු කෙරුණා.

පසුව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී, සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළි වූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

පසුව නිවස පිළිබඳ කරුණු සොයා එහි එම සැක කටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළ අතර එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?