CID භාරයට ගත් හීලෑ අලි ඇතුන් වහාම හිමිකරුවන් වෙත භාරදෙන්න – උසාවිය යළිත් මතක් කරයි

පුද්ගලයන් තිදෙනකු සන්තකයේ සිටියදී මීට වසර අටකට පෙර (2016) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු නැවත එම හිමිකරුවන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නිකුත් කර තිබෙන නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට අද (30) නියෝග කළා.

කළුතර, අවිස්සාවෙල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටි හීලෑ අලින් තිදෙනකු 2016 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ අත්අඩංගුවට ගන්නා ලද අලි තිදෙනා නැවත එම හිමිකරුවන් වෙත භාර කරන ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 23 දින අධිකරණය මගින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැහැර හැර ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කළ බවයි පැවසෙන්නේ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ගුණරත්න වන්නිනායක, කනිල් මද්දුමාගේ, ප්‍රවීන් ප්‍රේමතිලක ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයන් භාරයේ සිටි අලි තිදෙනකු 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් එහි අපරාධමය වරදක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තාකර ඇති බවයි.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අලි තිදෙනා අදාළ හිමිකරුවන්ට බාර දෙන ලෙසට 2023 වසරේ ඔක්තෝබර් මස 23 දින අධිකරණය මගින් වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇති නමුත් ඔහු එම අලි තිදෙනා අදාළ හිමිකරුවන්ට භාරදීම පැහැර හැර අධිකරණයට අපහාසයක් කර ඇති බව ද නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළව පරිසර සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති නමුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ එම නියෝගය අවලංගු කිරීමක් කර ඇති බවට කරුණු අනාවරණය නොවන බව ද නීතිඥවරු දන්වා සිටියා.

අධිකරණයක් මගින් නියෝගයක් නිකුත් කළ විගස එය ක්‍රියාත්මක කිරීමට ඕනෑම පුද්ගලයකු බැඳී සිටින නමුත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හිතාමතාම එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර අධිකරණයට අපහාසයක් කර ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළා.

අධිකරණය මගින් ලබා දී තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙහිදී අධිකරණයට දැනුම්දුන්නා.

අධිකරණයක් මගින් නිකුත් කර තිබෙන නියෝගයක් නැවත අත්හිටුවිය නොහැකි බව ද මේ වන විට ඒ සම්බන්ධයෙන් ලබා දී තිබෙන නියෝගය එලෙසම ක්‍රියාත්මක බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයට දැන්වුවා.

වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටි අතර ඔහු කියා සිටියේ මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවති නමුත් අලි තිදෙනා අදාළ හිමිකරුවන් වෙතට නිදහස් කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් වසරේ ලබා දී තිබෙන එම නියෝගය පිළිබඳව තමන් නොදැන සිටි බැවින් ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවයි.

මෙම සිද්ධියට අදාළව පරිසර සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවට අදාළව එම අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ ද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසට අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු නොවැම්බර් මස 8 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම මෙම අලි තිදෙනා මේ වන විට උඩවලව රඳවා තබා ඇති බව අධිකරණයෙන් අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?