Empty Ad
Empty Ad
AFC Banner

BRI ගිවිසුම ගැන මුනිවත රකින චීනය සොයා නේපාල අගමැති එරටට යයි

නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි චීනයේ නිල සංචාරයක් ඊයේ (02) ආරම්භ කළා.

එරට මාධ්‍ය වාර්තා කරනේ; ගොඩබිම සහ මුහුදු ජාලය හරහා ආසියාව, අප්‍රිකාව හා යුරෝපය ඒකාබද්ධ කරමින් චීනය විසින් ඉදිරිපත් කරන ලද වෙළෙඳාම දියුණු කිරීම, කලාපීය සහයෝගීතාව වර්ධනය මෙන් ම ආර්ථික තීව්‍රතාව වෙනුවෙන් නිකුත් කළ BRI ගිවිසුම පිළිබඳ ව හිමාලයානු ජාතීන් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධිත යෝජනාව ගැන චීන රජය නිහඬ වීම හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍යවරයා පස්දින නිල සංචාරයක් සඳහා මෙලෙස චීනය බලා පිටත්ව ගිය බවයි.

මෙම කලාපීය සහයෝගීතා BRI ලැයිස්තුවට රටවල් 87කට වැඩි සංඛ්‍යාවක් එක් වී සිටින බැවින් ඊට නායකත්වය දෙමින් මෙලෙස නේපාල අග්‍රාමාත්‍යවරයා අදාළ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට චීනයට ගොස් ඇත්තේ.

නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (Unified Marxist Leninist) හි සභාපති ඔලි අගමැතිවරයා; චීනය බලා යාමට පෙර නේපාල කොංග්‍රසයේ සභාපති Sher Bahadur Deuba සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ “සහයෝගීතාව සඳහා BRI රාමුවේ” නව සංශෝධනයන් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

මෙම යෝජනාව සකස් කර ඇත්තේ දෙපාර්ශ්වය විසින් පිහිටුවන ලද සිව් දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ කාර්යසාධක බලකායක් මගින්.

කාර්ය සාධක බලකාය “BRI ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම” “සහයෝගීතාවය සඳහා රාමුව” ලෙස නම් කෙරුණා.

පසුගිය සතියේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනාගේ අනුමැතියෙන් පසුව, විදේශ අමාත්‍යාංශය විසින් එම ගිවිසුමේ සංශෝධනයන් බීජිං හි සලකා බැලීම සඳහා පසුගියදා චීන තානාපති කාර්යාලයට යවා තිබෙනවා.

දෙසැම්බර් 2 සිට 5 දක්වා පැවැත්වීමට නියමිත නේපාල අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන බවත් එහිදී මෙම අර්බුදය ගැන ද සාකච්ඡා කෙරෙන බවත් පැවසෙනවා.

ඔලි සිය චීන සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට සහ අගමැති ලී කෙකියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?