Update – ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කිරීම ශාන්ත මරියා මේජර් බැසිලිකාවේ

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ප්‍රධාන පාප්තුමාගේ බැසිලිකා හතරෙන් එකක් වන ශාන්ත මරියා මේජර් බැසිලිකාවේ තැන්පත් කිරීමට තීරණය කර තිබෙනවා.

පාප් වහන්සේගේ අවමංගල්‍යයක සාම්ප්‍රදායික සංකීර්ණ ක්‍රියා පටිපාටිය සංශෝධනය කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කටයුතු කර තිබීම මීට හේතු වී තිබෙනවා.

මීට පෙර ස්වර්ගස්ථ වූ පාප් වහන්සේලාගේ දේහයන් මහජන දර්ශනය සඳහා තැන්පත් කරනු ලැබුවේ ශාන්ත පීතර බැසිලිකාවේ උස් වේදිකාවක් මතයි.

ඒ, අනුව සියවසකට වැඩි කාලයකට පසුව වතිකානුවෙන් පිටත තැන්පත් කරන ලද පළමු පාප් වහන්සේ දේහය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය බවයි වතිකානය දැනුම් දෙන්නේ.

එමෙන්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පවසා ඇත්තේ සින්ක් වලින් ආවරණය කරන ලද සරල ලී මිනී පෙට්ටියක් තුළ පියන ඉවත් කර ඔහුගේ දේහය තැන්පත් කර මහජන ගෞරවය පුද කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

පෙර පාප්වරුන්සගේ දෙහයන් සයිප්‍රස්, ඊයම් සහ ඕක් යන කැදලි සහිත මිනී පෙට්ටි තුනක තැන්පත් කරන ලද අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වඩාත් නිහතමානී මාර්ගයක් තෝරා ගත් බව වතිකානය පවසනවා.

1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් අයර්ශි හි ෆ්ලොරේස් දිස්ත්‍රික්කයේ උපන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 1969 දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත්තා.

2001 වසරේ දි දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් අතින් කාදිනල් ධුරයට උසස් කරන ලද උන් වහන්සේගේ පෞද්ගලික නම වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝයි.

එවක පාප් වහන්සේ වූ ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ධුරය අත්හැරීමෙන් පසුව 2013 පෙබරවාරි 28 වනදා පාප් පදවියට පත් උන් වහන්සේ සිය නාමය ලෙස ෆ්‍රැන්සිස් යන්න තෝරා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46