මීළඟ සුදතුම් පියාණන් කවුරුන් ද ? – කිතුනු සභාවේ තෝරාගැනීම සිදු කෙරෙන්නේ මෙහෙමයි

ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ ස්වර්ගස්ථ වීමෙන් පසු ව රෝමානු කතෝලික සභාවේ අධ්‍යාත්මික එඬේරාණන් ලෙස නව සුදතුම් පියාණන්ගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ කෙසේ දැයි බොහෝ දෙනාට පවතින ප්‍රශ්නයක්.

වසර 12ක කාලයක් ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් පාප් ධුරය දරා අද (21) පෙරවරුවේ ස්වර්ගස්ථ වන විට පසුවූයේ 88 වැනි වියෙහි යි.

නිව්මෝනියා තත්ත්වයෙන් දිගු කලෙක සිට ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ එම රෝගය හේතුවෙන් ස්වර්ගස්ථ වූ බවයි වතිකානු මාධ්‍ය නිවේදනය කළේ.

උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමේ සියවස් ගණනාවක් පැරණි ක්‍රියාවලිය එලෙසින් ම ආරම්භ වනු ඇති.

ශුද්ධෝත්තම පියතුමන් යනු කතෝලික සභාවේ එඬේරාණන් ය.

සුදතුම් පියාණන් යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙත ආපසු යන සෘජු මාර්ගයක් නියෝජනය කරන්නා බව කිතුනුවන්ගේ විශ්වාසයයි.

සුදතුම් පියාණන් ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් අතර ප්‍රධානියා වූ පේදුරු හෙවත් සාන්ත පීතරගේ ජීවමාන අනුප්‍රාප්තිකයෙකු ලෙස සැලෙකනවා.

ලෝකයේ දළ වශයෙන් බිලියන 1.4 ක කිතුනුවන් සඳහා උන්වහන්සේ වැදගත් බල නායකත්වයක් ආගම හා සංස්කෘතිය වෙනුවෙන් සිදු කරනවා.

බොහෝ කිතුනුවන් ආගමික මග පෙන්වීම සඳහා බයිබලය පරිශීලනය කළ ද, ඔවුන්ට දේවස්ථානයේ විශ්වාසයන් සහ පිළිවෙත් පාලනය කරන සුදතුම් පියාණන්ගේ ඉගැන්වීම් වුව ද ලබාගත හැකි වනවා.

ලොව පුරා සිටින සියලුම කිතුනුවන්ගෙන් අඩක් පමණ රෝමානු කතෝලිකයන්.

සුදතුම් පියාණන්ගේ වාසස්ථානය වන්නේ ලෝකයේ කුඩාම ස්වාධීන රාජ්‍යය වන වතිකාන නගරයයි.

එය ඉතාලි අගනුවර වන රෝමයෙන් වට වී තිබෙනවා.

ශුද්ධෝත්තම පියතුමෙකු වැටුපක් නොලබන නමුත්, ඔහුගේ සියලු ගමන් වියදම් සහ ජීවන වියදම් වතිකානය විසින් දරණු ලබනවා.

එවන් උත්තරීතර ආගමික නායකයෙකු ලෙසයි සුදතුම් පියාණන් සැලකෙන්නේ.

සුදතුම් පියාණන්ගේ අවමංගල්‍යය සාම්ප්‍රදායිකව විස්තීර්ණ කටයුත්තක් වී තිබෙනවා.

නමුත් ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් මෑතකදී මුළු ක්‍රියා පටිපාටියම සංකීර්ණභාවයකින් තොර කරගැනීමට අවශ්‍ය ප්‍රතිසම්පාදන සැපයූවා.

පෙර ශුද්ධෝත්තම පියවරුන් සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සාදා ආවරණය කළ මිනීපෙට්ටි තුනක තැන්පත් කෙරුණා.

ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් සින්ක්වලින් ආවරණය කරන ලද සරල ලී අවමංගල්‍ය ඇසුරුමක් තෝරාගෙන ඇති බවයි බීබීසී මාධ්‍ය වාර්තා කළේ.

මහජන දර්ශනය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ කැටෆල්ක් ලෙස හැඳින්වෙන උස් වේදිකාවක් මත සුදතුම් පියාණන්ගේ දේහය තැබීමේ සම්ප්‍රදාය ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට, පියන ඉවත් කර ඔහුගේ දේහය මිනී පෙට්ටිය තුළ පවතින අතරතුර, ශෝකයට පත්වන්නන්ට ඔවුන්ගේ ගෞරවය දැක්වීමට ආරාධනා කරනු ලැබෙනවා.

සියවසකට වැඩි කාලයක් තුළ වතිකානයෙන් පිටත තැන්පත් කරන ලද පළමු පාප් වහන්සේ ද ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් වනු ඇති.

රෝමයේ ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක් වන ශාන්ත මේරි මේජෝරේ බැසිලිකාවේ ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ දේහය තැන්පත් කෙරෙන බවයි වාර්තාවල සඳහන් වන්නේ.

බැසිලිකාවක් යනු වතිකානුව විසින් විශේෂ වැදගත්කමක් සහ වරප්‍රසාද ලබා දී ඇති දේවස්ථානයකි.

නව පාප් වහන්සේ තෝරා ගන්නේ කවුද? යන ප්‍රශ්නය ලෝකවාසීන්ට ඇති වන සාමාන්‍ය ප්‍රශ්නයකි.

නව පාප් වහන්සේ තෝරා ගත යුත්තේ කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන කාදිනල් හිමිපාණවරුන් මගින්.

දැනට කතෝලික සභාවේ කාදිනල් හිමිපාණවරුන් 252 ක් සිටින අතර, ඔවුන්ගෙන් 138 දෙනෙකු නව සුදතුම් පියාණන් පත් කර ගැනීමේ ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබනවා.

නව සුදතුම් පියාණන් තෝරාගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විවාදයට සියලුම කාදිනල්වරුන්ට සම්බන්ධ විය හැකියි.

පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ විට හෝ ඉල්ලා අස්වන විට, ( 2013 දී XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ අවස්ථාවෙහි දී මෙන්) කාදිනල්වරුන් වතිකානුවේ රැස්වීමකට කැඳවනු ලබන අතර, මැතිවරණය සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය මත පැවැත්වෙනවා.

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම අතර කාලය තුළ, කාර්දිනල්වරුන් විසින් කතෝලික සභාව පාලනය කරනු ලබනවා.

සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී මයිකල් ආන්ජිලෝ විසින් පින්තාරු කරන ලද සිස්ටයින් දේවස්ථානය තුළ මැතිවරණය දැඩි රහසිගතව පැවැත්වීම සිදු කරනවා.

ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් තනි කාර්දිනල්වරු තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දෙන අතර, එම ක්‍රියාවලියට දින කිහිපයක් ගත වනවා.

පෙර සියවස්වල, පාප් වහන්සේ තෝරාගැනීමේ ඡන්දය සති හෝ මාස ගණනක් පැවතුණු බවයි වාර්තා වන්නේ.

සමහර කාදිනල්වරු සම්මේලනයේ දී පවා ස්වර්ගස්ථ වී තිබෙනවා.

මැතිවරණය සිදුවන ආකාරය පිළිබඳ එකම ඉඟිය වන්නේ කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකා පුළුස්සා දැමීමෙන් දිනකට දෙවරක් මතුවන දුමයි.

කළු පැහැයෙන් පෙන්නුම් කරන්නේ අසාර්ථකත්වයයි.

සාම්ප්‍රදායික සුදු දුම යන්නෙන් අදහස් කරන්නේ නව පාප් වහන්සේ තෝරාගෙන ඇති බවයි.

නව පාප් වහන්සේ පිළිබඳ තීරණය ප්‍රසිද්ධියට පත් කිරීමට ද ක්‍රියාවලියක් තිබෙනවා.

සුදු දුමාරය ඉහළ ගිය පසු, නව පාප් වහන්සේ සාමාන්‍යයෙන් පැයක් ඇතුළත ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් පිහිටි බැල්කනියේ පෙනී සිටිනවා.

සම්මේලනයට සහභාගී වන ජ්‍යෙෂ්ඨ කාදිනල්තුමා (“Habemus Papam”) ලතින් භාෂාවෙන් “අපට පාප් වහන්සේ කෙනෙක් සිටී” යන්න ප්‍රකාශයට පත් කරනු ඇති.

ඉන්පසු ජ්‍යෙෂ්ඨ කාදිනල්තුමා නව පාප් වහන්සේව තෝරාගත් පාප්තුමාගේ නමින් හඳුන්වා දෙනු ලබනවා.

එය ඔහුට මුලින් ලබා දුන් නම හෝ එය නොවිය හැකි වීම ද සම්ප්‍රදායක්.

උදාහරණයක් ලෙස, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ලෙස උපත ලැබුව ද, ඔහු අසිසියේ ශාන්ත ෆ්‍රැන්සිස් මුනිඳුන්ට ගෞරවයක් වශයෙන් ඔහුගේ පාප් පදවිය සඳහා ෆ්‍රැන්සිස් යන නාමය තෝරා ගනු ලැබුවා.

පාප් වහන්සේ වීමට පැවතිය යුතු සුදුසුකම් කවරේ දැයි සොයා බැලීම ද වටියි.

න්‍යායාත්මකව, බෞතීස්ම වූ ඕනෑම රෝමානු කතෝලික පුද්ගලයෙකුට පාප් වහන්සේ වීමට මැතිවරණය සඳහා සලකා බැලිය හැකි වනවා.

කෙසේ වෙතත්, ප්‍රායෝගිකව, කාදිනල්වරු තමන්ගේම කෙනෙකු තෝරා ගැනීමට කැමැත්තක් දැක්වීම සිරිත වනු ඇති.

2013 දී පැවති පෙර සමුළුවේදී ආර්ජන්ටිනාවේ උපන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තේරී පත් වූ විට, ඔහු දකුණු ඇමරිකාවෙන් පැමිණි පළමු පාප් වහන්සේ බවට පත් වුණා.

එය ලෝකයේ කතෝලිකයන්ගෙන් දළ වශයෙන් 28% ක් පමණ වන කලාපයක්.

නමුත් ඓතිහාසික පූර්වාදර්ශයෙන් පෙනී යන්නේ කාදිනල්වරු යුරෝපීයයෙකු, විශේෂයෙන් ඉතාලි ජාතිකයෙකු තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ දක්වා තෝරාගෙන ඇති පාප්වරුන් 266 දෙනාගෙන් 217 දෙනෙකු ඉතාලියෙන් පැමිණි අයයි.

මේ ආකාරයෙන් කතෝලික සංස්කෘතිය හා සම්ප්‍රදාය අනුව නව පාප් වහන්සේ තෝරාගනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18