Update – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළ කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බවට වතිකානය නිවේදනය කිරීමත් සමඟ විශාල පිරිසක් වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රය වෙත එක්රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය ශෝකය පළකර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ශෝක පණිවුඩය මඟින් පවසා ඇත්තේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ “මානවවාදයේ සහ යුක්තියේ ඉහළම වටිනාකම් ආරක්ෂා කරන්නෙකු” ලෙසයි.

යුක්‍රේනයේ සාමය සහ යුක්‍රේනියානුවන් වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යාච්ඤා කළ බව යුක්‍රේනය ජනාධිපති සෙලෙන්ස්කි සිය ශෝක පණිවුඩය මඟින් පෙන්වා දී තිබෙනවා.

කතෝලිකයන් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙස අධ්‍යාත්මික සහයෝගය අපේක්ෂා කළ සියලුම කිතුනුවන් සමඟ යුක්‍රේනියානුවන් එක්ව ශෝකය බෙදාගන්නා බවයි සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය පිළිබඳව චාල්ස් රජු දැඩි ලෙස ශෝකයට පත්ව ඇති බව බකින්හම් මාලිගය නිවේදනය කරනවා.

ඔහුගේ දයානුකම්පාව, පල්ලියේ එකමුතුකම කෙරෙහි ඔහු දැක්වූ සැලකිල්ල සහ සියලු ඇදහිලිවන්තයන්ගේ පොදු අරමුණු සඳහා සහ අන් අයගේ ප්‍රයෝජනය සඳහා ක්‍රියා කරන හොඳ හිත ඇති අය සඳහා ඔහු දැක්වූ නොපසුබට කැපවීම සැමවිටම සිහිපත් වනු ඇති බවයි චාල්ස් රජු සිය ශෝක පණිවුඩය මඟින් පවසා ඇත්තේ.

බුවනෝස් අයර්ස් සිට රෝමය දක්වා, ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවශ්‍ය වූයේ දුප්පත්ම අයට ප්‍රීතිය හා බලාපොරොත්තුව ගෙන ඒමට බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ භාෂාවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

මේ අතර පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ පුවත සැලවීමත් සමඟ එක්සත් ජනපද ධවල මන්දිරය ද එක්ස් ගිණුම වෙත විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ‘ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාදනයෙන් සැතපේවා’ යනුවෙන් පවසා තිබෙනවා.

එක්සත් රාජධානියේ අගමැති සර් කීර් ස්ටාර්මර් එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය ගැන අසා තමා අතිශයින් ශෝකයට පත් වූ බවයි.

ලෝකයට සහ පල්ලියට සංකීර්ණ හා අභියෝගාත්මක කාලයක ඔහුගේ නායකත්වය ධෛර්ය සම්පන්න වූ නමුත් සෑම විටම ගැඹුරු නිහතමානී ස්ථානයකින් පැමිණි බව ඔහුගේ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම කතෝලික පල්ලියේ පළමු ආර්ජන්ටිනා නායකයා වූ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අභාවය පිළිබඳව ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මයිලිගේ කාර්යාලය ද කණගාටුව පළකර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ කතෝලිකයන් සහ කතෝලික නොවන අය විසින් පාප් වහන්සේ ස්වර්ගස්තවිම පිළිබඳව ශෝකයට පත්වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ද ශෝක පණිවුඩක් නිකුත් කරමින් පැවසුවේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනයේ උරුමයක් ඉතිරි කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12