මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඇක්සලය ගැලවී යාමෙන් සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ දරුවන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (20) පස්වරු 05ට පමණ වත්තල – ඇවරිවත්ත පාරේ දියි.
එක් ත්‍රීරෝද රථයක ඇක්සලය ගැලවී යාමත් සමග එය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි තවත් ත්‍රිරෝද රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.













