AUDIO : “එක පවුලකට හාල් කිලෝ 03 ක් සති 02 කට ප්‍රමාණවත්” – වෙළඳ ඇමති

සහල් කිලෝ ග්‍රෑම් තුනක් එක් පවුලක පරිභෝජනය සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

සතොසට පැමිණෙන පාරිභෝගිකයන්ට අවුරුදු දීමනාවක් වශයෙන් සහන මල්ලක් අපි ලබාදෙනවා.

සමාජ මාධ්‍ය හරහා සමහරවිට අපි මේ භාණ්ඩ වර්ග 12ක් රුපියල් 1000ක් වැනි ඉතාම තරගකාරී මිලකට ලබාදීම කරණකොට ගෙන මුළු රටේම ව්‍යාපාරික ක්ෂේත්‍රය විශාල කැළඹීමකට පත්වෙලා.

වෙනත් ආයතන එම භාණ්ඩ ටික ඊට වඩා අඩුමිලට ගන්න පුළුවන් කියලා මිල ගණන් දක්වනවා.

එහිදී මම ඉතාම වගකීමෙන් සඳහන් කරනවා අපි මේ භාණ්ඩ මල්ල සපයලා තියෙන්නෙ රජය වශයෙන් වගකීමක් සහිතව ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට.

ප්‍රශ්නය – ඇමතිතුමනි, මේ සහන මල්ල එක පවුලකට එකයිද ගන්න පුළුවන් ?

පිළිතුර – දැනට එකයි ගන්න පුළුවන්, මොකද මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝම තියෙනවානෙ තුනක්. සීනි කිලෝවක්. මේ කාල පරිච්ඡේදය සති දෙකක වගේ කාලයකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතන්නෙ පවුලකට” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) වෙළඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09