AFC Banner
Empty Ad
Empty Ad

App එකක් නිසා පියා දුන් අවවාදයට කෝප වී දැරියක් දිවි නසාගෙන

ජංගම දුරකථනයට යෙදුමක් (ඇප් එකක්) බාගත නොකරන ලෙස පියා විසින් කළ අවවාදයකට කෝප වූ දැරියක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් බවයි වාර්තා වන්නේ.

දැරිය විසින් සිය ජංගම දුරකථනයට ‘ස්නැප්චැට්’ යෙදුම බාගත කරගෙන ඇති අතර, එසේ නොකරන ලෙස පියා විසින් ඇයට අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.

පියාගේ එම අවවාදයට කෝප වී ඇති දැරිය පසුගිය සිකුරාදා මෙලෙස සියදිවි නසාගෙන තිබෙනවා.

ඉන්දීය මධ්‍ය වාර්තා කළේ සිය නිවසේ නිදන කාමරයක සිවිලිමේ ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
8
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?