කෝප් කමිටුවේ සහ කෝපා කමිටුවේ සභාපති ධුර සජබයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ට

09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුවේ’ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා කමිටුවේ’ සභාපති ධුර සමගි ජන බලවේගයට ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව කෝප් කමිටු සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ද, කෝපා කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ද පත් කිරීමට නියමිව ඇති බව සඳහන්.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් මේ වනවිටත් කථානායකවරයා වෙත යොමුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල සභාපති ධුර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී කථානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කටයුතු කළ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01