spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝප් කමිටුවේ සහ කෝපා කමිටුවේ සභාපති ධුර සජබයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ට

09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුවේ’ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා කමිටුවේ’ සභාපති ධුර සමගි ජන බලවේගයට ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව කෝප් කමිටු සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ද, කෝපා කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ද පත් කිරීමට නියමිව ඇති බව සඳහන්.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් මේ වනවිටත් කථානායකවරයා වෙත යොමුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල සභාපති ධුර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී කථානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කටයුතු කළ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?