ස්වයංක්‍රීය ගිනි අවියක් සහ හෙරොයින් සමඟ දෙදෙනෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)

විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය, පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ ප්‍රදේශයේ දී ඊයේ (07) මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

යතුරුපැදියකින් පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධක යොදා පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහි දී විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, ජීව උණ්ඩ 08ක් පුරවන පතුරම් ගැබක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ වාහන අංක තහඩු දෙකක් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් දෙදෙනා 32 හැවිරිදි වියේ සහ 38 හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගන්නා ලද ගිනි අවිය පසුගිය කාලය තුළ මිද්දෙනිය ප්‍රදේශයේ සිදුකරන ලද මිනිස් ඝාතනය සඳහා කුලී පදනම මත ලබාදුන්නේ ද යන්න පිළිබඳව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2022 08 08 at 6.56.26 AM
WhatsApp Image 2022 08 08 at 6.56.27 AM 1
WhatsApp Image 2022 08 08 at 6.56.27 AM 2
WhatsApp Image 2022 08 08 at 6.56.27 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56