ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවයි අදාල නිවේදනය නිකුත් කරමින් එම සමාහම වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල 04ක් අතරින් කැමති ආහාර වේලක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවත්, මගීන් සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් ආහාර ගුවන් යානය තුළ තබා ගන්නා බවත් එම නිවේදනයේ සඳහන්.

ගුවන් මගීන්ට සෑමවිටම ආහාර තේරීම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිමිවන බවයි එම සමාගම වැඩිදුරටත් දන්වා සිටින්නේ.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම එක් ආහාර වර්ගයක් අවසන් වුවහොත් ඒ වන විට ඉතිරිව තිබෙන ආහාර වර්ගවලින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට ලැබෙන බව ද ඔවුන් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23