spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවයි අදාල නිවේදනය නිකුත් කරමින් එම සමාහම වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල 04ක් අතරින් කැමති ආහාර වේලක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවත්, මගීන් සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් ආහාර ගුවන් යානය තුළ තබා ගන්නා බවත් එම නිවේදනයේ සඳහන්.

ගුවන් මගීන්ට සෑමවිටම ආහාර තේරීම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිමිවන බවයි එම සමාගම වැඩිදුරටත් දන්වා සිටින්නේ.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම එක් ආහාර වර්ගයක් අවසන් වුවහොත් ඒ වන විට ඉතිරිව තිබෙන ආහාර වර්ගවලින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට ලැබෙන බව ද ඔවුන් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?