වෑන් රථයක් දුම්රියේ ගැටී ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

කළුතර උතුර ප්‍රදේශයේ දී දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (31) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කඳවුරේ රාජකාරියේ නියුතු සෙබළෙක්.

දුම්රිය කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර අතර, වෑන් රථය මුහුදු වෙරළ දෙස සිට ගාලුපාර දෙසට දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස යොමු කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් සෙබළෙක් රෝහල් ගත කර ඇති බවයි කළුතර උතුර පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?