ඉන්ධන පිරවුම්හලක් තුලදී දිවුලපිටිය ස්ථානාධිපතිට සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමක්..?

මරදගහමුල 12 කණුව ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලක් තුල පොලිසිය සහ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් අතර ඊයේ (23)රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

යම් සිදුවීමක් දැනුම්දීමෙන් පසුව ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ඉන්ධන පිරවුම්හලට පැමිණ තිබෙනවා.

එම ඉන්ධන පිරවුම්හලට පැමිණි පුද්ගලයෙකු පොලිස් ජිප් රථය තුලට දමාගැනීමත් සමගම එම ස්ථානයේ සිටි පිරිස් ජිප් රථය වට කර තිබෙනවා.

ඉන් පසුව උප පොලිස් පරීක්ෂකවරයෙකු නැවතත් ජිප් රථයෙන් බැසීමට තැත් කිරීමේදී අදාල පිරිස ඔහුට පහරදීමට සැරසී ඇති බවත් ජිප් රථයට නංවා ගත් පුද්ගලයාව නැවතත් එළියට ගෙන ඇති බවත් සඳහන්.

ඉන් පසුව ස්ථානාධිපතිවරයාටද එම ස්ථානයේ සිටි පිරිසක් පහරදීමට තැත්කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැන ගැනීමට අපි දිවුලපිටිය ස්ථානාධිපතිවරයාව සම්බන්ධ කරගත්තා. ඔහු පැවසුවේ මෙවන් කතාවක්..

පොලිසියේ කිසිම කෙකෙුට පහරදීමක් සිදුවුණේ නැහැ. බීපු අය පිරිසක් ඇවිත් බලෙන් තෙල් ගහන්න ඇවිත්.. ඒ අයව තමයි තල්ලු කරලා අයින් කරන්නේ.
එතන ලොකු පිරිසක් හිටියා. පොලිසියේ කට්ටිය තමයි මැද්දට පැනලා ඔක්කොම ටික තල්ලු කරලා තෙල් ගහන්න ක්ලියර් කරලා දුන්නේ.. පොලිසිය කරන්නේ ඔක්කොම අයින් කරන එක.. රෑ 12 ට 1 ට වගේ.
බීපු එවුන් හිටියේ.. එයාලව තල්ලු කරගෙන තල්ලු කරගෙන තමයි ගියේ. වටේ ඉන්න මිනිස්සුත් බැන්නා අපිට මේ වැඩේ කරගන්න දෙන්නේ නෑ කියලා.. මිනිස්සු ගහයි කියලා තමයි ඒ අයව තල්ලු කරලා යැව්වේ..

මාධ්‍යවේදියාඑතකොට ස්ථානාධිපතිතුමා ඒ අයව අත්අඩංගුවට ගත්තද..?

ඇරස්ට් කළේ නෑ ඒ අයව තල්ලු කරලා එලවලා දැම්මා.. ඒ සෙනඟ අස්සේ ඇරස්ට් කරන්න බෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?