AFC Banner
AFC Banner
Empty Ad

බැස්ටියන් මාවත ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී පසුගිය දා සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය හා සැකකරු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් අනතුරුවයි.

මෙම සැකකරු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු දර්ගා නගරය සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 30 වනදා බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?