ඉඩමක් නැති අයට රනිල්ගෙන් ඉඩම්

නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන්ට , ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යනුකූලව පැවරීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.“සැමට හිමි බිමක්” වැඩපිළිවෙළ යටතේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම ලබා දීමේ වැඩසටහන අද උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ කෙරුණා.

භූමියේ නීත්‍යනුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියලුම පුද්ගලයන්හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට “හිමි බිම” ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?