ඩේවිඩ් වෝනර් ගැන යළි සලකා බලන්න – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ට ඉල්ලීමක්

ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝනර් හට අවම වශයෙන් දේශීය තරගබිමේ දී හෝ නායකයෙකු ලෙස කටයුතු කිරීමට යළි අවස්ථාව ලබාදෙන ලෙස සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රෙග් ෂිපර්ඩ් එරට ක්රිකර් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරඟාවලියක් අතරතුර ‘වැලි කඩදාසි’ යොදා ගනිමින් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ වෝනර්, එවකට නායක ස්ටීව් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට වසරක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.

එම දඬුවමට අමතරව ඩේවිඩ් වෝනර් හට ජීවිතාන්තය තෙක් නායකයෙකු ලෙස කටයුතු කිරීම නොහැකිවන අයුරුන් තහනමක් ද එරට ක්‍රිකට් ආයතන විසින් පැනවීමට තීරණය කළා.

මේ හේතුවෙන් ඔහුට දේශීය තරග බිමේ දී හෝ ඕස්ට්‍රේලියාව සහභාගී වන ජාත්‍යන්තර තරගවලදී නායකයෙකු ලෙස කටයුතු කිරීම වැළකී ගියා.

කෙසේ වෙතත් මෙම දඬුවම් පනවා වසර කිහිපයක් මේ වනවිට ගත වී ඇති මොහොතක, වොනර් මේ වනවිට ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතා හේතුවෙන් මෙම දඬුවම් සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසයි සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රෙග් ෂිපර්ඩ් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ග්‍රෙග් ෂිපර්ඩ් පවසන්නේ එළඹෙන බිග් බෑෂ් තරගාවලියේ දී හෝ නායකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් වෝනර්ට ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් ග්‍රෙග් ෂිපර්ඩ්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08