ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ තෙල් බෙදනවා ද ? – චෝදනාවන්ට ක්‍රිකට් ආයතනය උත්තර බඳී

සමාජ මාධ්‍යය ඔස්සේ පසුගිය දා සංසරණය වූ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඉන්ධන බවුසරයකින් බූලිවලට ඉන්ධන ලබා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය විසින් ඉන්ධන අලෙවි කිරීමක් සිදුකරන බවට අදාළ වීඩියෝව මගින් චෝදනා එල්ල වී තිබුණා.

එහි දැක්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ආකාරයකින් ඉන්ධන ගබඩා කිරීමේ නිරත නොවන බවත් ජනතාවට අලෙවි කිරීමක් සිදු නොකරන බවත් එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

ලංකා IOC පිරවුම්හලකින් මිලදී ගත් ඉන්ධන තොගයක් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ගබඩා කර ඇති බවත් එම ඉන්ධන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරග සංචාරයේ අවශ්‍යතා සහ දේශීය ක්‍රිකට් මෙහෙයුම් සඳහා මෙන්ම ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා භාවිත කරන බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ක්‍රිකට් ආයතනයේ බස් රථ, නිල වාහන, බිම් නඩත්තු යන්ත්‍ර සඳහා මෙම ඉන්ධන භාවිත කෙරෙන බව ද එමගින් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම දිවා රාත්‍රී තරග සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පිහිටා ඇති විදුලිබල උත්පාදන යන්ත්‍ර සඳහා ද ඉන්ධන භාවිත කළ යුතු බවත් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාල චෝදනාවල සහ කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22