මහින්ද, බැසිල් හා රනිල් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු තිදෙනෙකු විසින්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් ආචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් කොමිසම හා එහි කොමසාරිස්වරු තිදෙනා ඇතුළු 39 දෙනෙකු නම් කර තිබෙනවා.

දුර්වල ආර්ථික කළමනාකරණය හා අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීම මඟින් රජය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33